2026-05-14 16:24:00 Hours
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන පරිගණක අපරාධ පනත කාලයට ගැලපෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සයිබර් අපරාධ වැඩිවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
සයිබර් අපරාධවලට අදාළ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේ මෙරටින් වාර්තා වුණා.
ඒ සම්බන්ධව විදේශිකයෝ විශාල පිරිසක් ද රිමාන්ඩ් භාරයේ පසුවුණා.
මෙරට සයිබර් ආරක්ෂාව සඳහා වන වඩාත්ම තීරණාත්මක නීතිය වන්නේ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතයි.
එමඟින් අනවසරයෙන් ඇතුළු වීම සහ දත්ත සොරකම් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රතිපාදන සලසා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk