2026-04-27 17:24:00 Hours

සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනා


...

මෙවර මැයි දිනය නිමිත්තෙන් සමඟි ජන බලවේගය කොළඹ දී සංවිධානය කරන මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනාවක් සිදුකර තිබෙනවා.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධ ලිපියක් මඟින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය වෙත දැනුම් දී ඇත.

මෙවර සමඟි ජන බලවේග මැයි දින රැළිය මැයි මස 1 වනදා මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

රට හමුවේ ගොඩනැගී ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බව එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරමින් යවා ඇති මෙම ලිපිය තුලින් පක්ෂ මහලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

මේ අනුව මෙවර මැයි දින රැළිය සඳහා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂයට ද මෙම මැයි දින රැළිය සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk