2026-05-09 08:00:00 Hours
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය අදාළව මෙලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව අත්අඩංගුවට ගත් බවයි.
අදාළ සිද්ධියට අටමස්ථානාධිපති හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) දිනයේ නියෝග කළා.
තවද විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය නියෝග කළා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණය හමුවේ ඊයේ (08) කරුණු දැක්වීම් සහ ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
මෙම බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක්වීම සම්බන්ධව තොරතුරු හෙළිවීම සමඟ මෙරට සමාජය තුළ දැඩි කතාබහට ලක්වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk