2026-05-14 11:30:00 Hours

හැකර්වරුන් ආසියානු රටකින් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි


...

සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැරගෙන ඇති බවට සැක කරන ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන රාජකීය පොලීසිය විසින් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ මුදල් ඕමානයේ බැංකුවකින් දේශීය මුදල් බවට මාරු කිරීමට උත්සාහ කිරීමේදී ඕමාන රාජකීය පොලීසිය වළක්වා ඇති බවයි.

එරට පොලීසිය මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිවයි.

කෙසේ වෙතත් සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගත් අදාළ මුදල අයත් ආසියානු රට කුමක් ද යන්න මෙතෙක් හෙළිව නැහැ.

ශ්‍රී ලංකවේ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 625000ක් පැහැර ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණා.

මෙලෙස ඕමානයෙන් හමුවූ බවට පැවසෙන මුදල් අතර ශ්‍රී ලංකාවෙන් අස්ථානගත වූ මුදල් ඇත්ද යන්න පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk