2026-05-05 10:39:00 Hours
17 වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයක් ලබාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දශක 5කට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනයේ බලය රඳවා ගත් DMK සහ AIADMK අධිපත්‍යය බිඳ දැමීමට ඔහුට මෙවර හැකි වී ඇති බවයි.
මෙම මැතිවරණයෙන් දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව තිබෙනවා.
AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇති බව සඳහන්.
TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු වනවා.
ඒ අනුව TVK පක්ෂයට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට නම් තවත් පක්ෂයක සහාය ලබා ගැනීමට සිදු වනවා.
විජේ මෙවර මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2024 වසරේ පක්ෂය ආරම්භ කළ දින සිටම සුවිශේෂී ප්‍රචාරණ උපක්‍රම රැසක් විජේ අනුගමනය කර තිබුණා.
ඔහු එහිදී DMK පක්ෂය සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙස BJP පක්ෂය ප්‍රතිපත්තිමය ප්‍රතිවාදියා ලෙසත් නම් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම උපක්‍රම හරහා තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ පළමු වරට ඡන්දය භාවිතා කරන පිරිස් ද ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇති බවයි.
චෙන්නායි ඇතුළු නාගරික ප්‍රදේශවල විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට විජේගේ TVK පක්ෂය සමත්ව ඇති අතර AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන කොයම්බුතූර් සහ සේලම් වැනි නගරවලද සිය බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk