2026-04-29 21:33 Hours
රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ හෙට (30) දිනයේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා එම කාරක සභාව වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද (29) එම ලිපිය මුදල් කාරක සභාව වෙත ලැබී ඇති බවයි.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මඟින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධව කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳව කාරක සභාව හමුවට කැඳවීමට ඊයේ (28) තීරණය කර තිබුණා.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ හෙට පෙනී සිටින ලෙසට ද මෙම නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk