2026-05-10 22:20:00 Hours

මැදපෙරදිග යුද ගිනි නිවන්න අමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර


...

පසුගිය පෙබරවාරි මස අග භාගයේ දී ආරම්භ වූ කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ නවතම කෙටුම්පතට ඉරානය සිය ප්‍රතිචාර ලබාදී ඇති බව වාර්තා වනවා.

එරට රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ පාකිස්ථාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්‍රතිචාරය අද (10) දිනයේ අමෙරිකාව වෙත භාර දී ඇති බවයි.

"යෝජිත රාමුවට අනුව, මෙම අදියරේ සාකච්ඡා කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීමේ කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇත," යනුවෙන් වාර්තාවල සඳහන් වුවද ඉරාන ප්‍රතිචාරයේ අඩංගු සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් හෙළිව නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මොප්තාබා සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරී අතර හදිසි සාකච්ඡාවක්

ඉරානයේ නව උත්තරීතර නායක මොප්තාබා ඛමේනි සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අබ්දුල්ලාහි අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

ඉරානයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ මෙය පසුගිය දින කිහිපය තුළ උත්තරීතර නායකයා පැවැත්වූ දෙවන සෘජු හමුවීම බවයි.

එම හමුවේදී ඉරාන සන්නද්ධ හමුදාවල සුදානම පිළිබඳව වාර්තාවක් ජෙනරාල් අබ්දුල්ලාහි ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු එම වාර්තාව ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඕනෑම සතුරු ක්‍රියාවකට මුහුණ දීමට අවශ්‍ය උපකරණ සහ ආයුධවලින් ඉරාන හමුදාව සන්නද්ධව සිටින බවයි.

සතුරන් යම් උපාය මාර්ගික ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට දැඩිව සහ ප්‍රබලව ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා ඇති බව සඳහන්.

මොප්තාබා ඛමේනි මාර්තු මස දී සිය පියා වූ අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු ධූරයට පත් වුවත් ඔහුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් මෙතෙක් එරට රාජ්‍ය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර නැහැ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk