2026-05-10 13:14:00 Hours
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්ත මැතිවරණය ජයගත් තමිළග වෙට්ට්රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්රිය නළු ජෝසප් විජේ ප්රාන්ත මහ ඇමති ධුරයේ අද (10) දිවුරුම් දෙනු ලැබුවා.
චෙන්නායි ජවහල්ලාල් නේරු ක්රීඩාංගණයේදී ආණ්ඩුකාරවරයා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කළා.
තමිල්නාඩු ප්රාන්ත මැතිවරණයේ අවසන් ප්රතිඵලය අනුව ජය ගැනීමට ජෝෂප් විජේ වුවද ඉන්දීය ප්රාන්ත බලය තහවුරු කර ගැනීමට අවශ්ය වූ ආසන ගණන සපුරා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.
මේ අනුව ඔහුට අවශ්ය වූ ආසන ගණන සම්පුර්ණ කර ගැනීමට ඉන්දීය ජාතික කොංග්රසය, VCK පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ TVK පක්ෂය සමඟ එක්වීමට සිදු වුණා.
ඉන්පසුව ඊයේ (09) පස්වරුවේ ඉන්දියාවේ ලෝක භවන් හිදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් විජේව තමිල්නාඩු නව මහ ඇමතිවරයා ලෙස පත් කළා.
මේ අනුව දශක 5කට ආසන්න කාලයක් මුළුල්ලේ DMK සහ AIADMK පක්ෂ අතර දෝලනය වෙමින් තිබූ දේශපාලන බලකොටු බිඳ දමමින් විජේ ප්රමුඛ TVK පක්ෂය තමිල්නාඩුවේ බලය හොබවනු ඇති.
දිවුරුම් දීමේ උත්සවයට පැමිණි තමිල්නාඩු ආණ්ඩුකාරවරයා පිළිගනු ලැබුවේ අභිනව මහ ඇමති විජේ විසිනි.
ඉන්පසුව අද (10) දින දිවුරුම් දීමට නියමිත අමාත්යවරුන් ද ආණ්ඩුකාරවරයාට හඳුන්වා දෙනු ලැබුවා.
ඉන්දීය ජාතික ගීය සහ තමිල්නාඩු ප්රාන්ත ගීය ගායනා කිරීමෙන් පසුව උත්සවය නිල වශයෙන් ආරම්භ වුණා.
ඊට පළමුව ජෝසප් විජේ ආණ්ඩුකාරවරයා ඉදිරියේ මහ ඇමති ධූරයේ සහ රහසිගත දිවුරුම් ලබාදෙනු ලැබුවා.
ඉන් පසුව ප්රාන්ත ආණ්ඩුවේ අමාත්යවරු සිය ධුරයේ දිවුරුම් දීම සිදුකළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk