2026-05-12 14:44 Hours

පැය දෙකකට පසු මහින්ද අල්ලස් කොමිසමෙන් එළියට


...

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගොස් තිබුණා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමකින් අනුව හිටපු ජනාධිපතිවරයා අද (12) උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසමට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැය 2කට වැඩි කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාක්ෂිකයින් රැසක් ද එම ස්ථානයට පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරනු ලැබුවා.

2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් A330 ගුවන් යානා 6ක් සහ A350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ගත් බවට එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණා.

අදාළ විමර්ශනයේ දී අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබුණා.

ඒ හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කළා.

ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන මහතා නැවත අත්අඩංගුවට ගැනුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk