2026-05-26 19:52 Hours
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (25) නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබෙනවා.
මේ අනුව දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙම නිවේදන හෙට (27) පස්වරු 4 දක්වා වලංගු වනු ඇති.
අදියර දෙක යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම බලාත්මක බවද එම සංවිධානය නිවේදනය කරනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, පැල්මඩුල්ල, කිරිඇල්ල සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම් බලාත්මක වන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk