2026-05-20 13:53:00 Hours
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබෙනවා.
එම සංගමය සඳහන් කළේ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.
වෙළෙඳපොල පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ අනුව අද (20) දින සිට ඇසුරුම් කරන ලද කිරිපිටි පැකට්ටුවල මිල මෙලෙස ඉහළ යාමට නියමිත බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk