2026-05-26 20:19 Hours
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩුබායි ආරක්ෂක අංශ විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉරානයේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පැවැතීම හේතුවෙන් ඔහු ඇමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු ලෙසද වාර්තා වනවා.
තවද ,මෙම පුද්ගලයා ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බවද සඳහන්.
ශිරාන් බාසික් මෙරට මත්ද්‍රව්‍ය සැපයුම් සිදුකරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් පුද්ගලයෙකු බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මෙරටට නිල වශයෙන් මේ දක්වා දැනුම්දීමක් කර නොමැත.
මේ අතර මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ඇල්ටෝ ධර්මේ නැමැත්තාට මෙරට ආරක්ෂක අංශ පසුගියදා රතු නිවේදනද නිකුත් කරනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk