2026-03-13 13:17:00 Hours
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීම සඳහා ලබන සඳුදා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ අවුරුදු නැකැත් සම්බන්ධව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති පසුබිමක අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලිමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (12) බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණි බවයි.
කෙසේ වෙතත් මෙම වසර සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් පොදු එකඟතාවකට එළැඹීමට අවස්ථා 4කදී එම කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවද වාර්තා වනවා.
මේ වන තෙක් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ ජනතාව තුළ අවුරුදු නැකැත් පිළිබඳව අවිනිශ්චිතතාවක් උද්ගත වී ඇති බවත් එම නිසා අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධ සම්පාදනය කිරීමේ සාකච්ඡා ලබන සඳුදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්ය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk