2026-03-12 15:25:00 Hours
අල් අක්සා පල්ලිය වසා දැමීමට රටවල් 8කින් ඊශ්‍රායලයට විරෝධය දක්වයි
ඊශ්‍රායලය අල් අක්සා පල්ලිය වසා දැමීම අරාබි සහ ඉස්ලාමීය රටවල් 8ක් හෙළා දැක තිබෙනවා.
ඒ රටවල් අතරට කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අයත් වනවා.
එය අඛණ්ඩව 12 වන දිනට වසා තබා ඇති බව සඳහන්.
අල්ජසීරා විදෙස් මාධ්‍ය කරන්නේ ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අල් අක්සා පල්ලිය වසා දැමීම ඔවුන් මෙලෙස හෙළා දැක ඇති බවයි.
එම රටවල් 8හි විදේශ අමාත්‍යවරුන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයෙන් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ අල්-අක්සා පල්ලියේ දොරටු වැසීම වහාම නතර කරන ලෙසත්, පැරණි ජෙරුසලම් නගරයට ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කරන ලෙසත්, මුස්ලිම් වන්දනාකරුවන්ගේ පල්ලියට ප්‍රවේශ වීමට බාධා කිරීමෙන් වළකින ලෙසත්ය.
ඊශ්‍රායලයට එහි අඛණ්ඩ උල්ලංඝනයන් නැවැත්වීමට බල කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔවුන් ඉල්ලා සිටින බවද ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් නිසා සංචාරක ව්‍යාපාරය අඩාල වෙයි
මැදපෙරදිග සංචාරක ව්‍යාපාරය මේ වන විට දිනකට ඩොලර් මිලියන 600ක් අහිමිව තිබෙනවා.
ලෝක සංචාරක සහ සංචාරක කවුන්සිලයේ නවතම වාර්තාවක මේ බව පෙන්වා දෙනවා.
අදාළ වාර්තාවෙන් සඳහන් කරන්නේ ඒ අනුව ඉරානයේ යුද්ධය හේතුවෙන් මැදපෙරදිග සංචාරක එහි සංචාරක අංශයට දිනක අවම වශයෙන් ඩොලර් මිලියන 600ක් වැය වන බවයි.
ය්ජවද ගුවන් ගමන් සඳහා පුළුල් ලෙස බාධා කිරීම් ඇති කිරීම හේතුවෙන් සංචාරක වියදම් අඩු වී පාඩු සිදුව ඇති බවද එම ආයතනය පෙන්වා දෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් සීමිත වාණිජ ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක වන පරිදි එම කලාපය පුරා එම ගුවන් අවකාශයේ විශාල ප්‍රමාණයක් මේ වන විට දමා තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ මැදපෙරදිගට ගමන් කරන ගුවන් මාර්ගවල ගුවන් සමාගම් ඔවුන්ගේ කාලසටහන වෙනස් කිරීම දිගින් දිගටම කරගෙන සිදුකරගෙන යන බවයි.
බොරතෙල් මිල පාලනයට ඉතාලිය ගත් තීන්දුව
ලෝක වෙළෙඳපොලේ ඉහළ යන ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් ගෙන ඇති තීන්දුවට ඉතාලිය ද සහාය දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉතාලිය සතු උපායමාර්ගික සංචිතවලින් තෙල් බැරල් මිලියන 9ක් මුදා හැරීමට නියමිත බව සඳහන්.
මෙම තෙල් තොගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මේ අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඊයේ (11) ගෝලීය වෙළෙඳපොලට තෙල් බැරල් මිලියන 400ක් මුදා හැරීමට නිර්දේශ කළා.
එම මුදා හැරීම සැලකෙන්නේ ඒජන්සියේ ඉතිහාසය තුළ සිදු කරන විශාලතම සාමුහික තෙල් මුදා හැරීම ලෙසයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා පැමිණීම සහ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කරමින් බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම මෙම හදිසි පියවරේ මුලික අරමුණ වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk