2026-03-13 10:39:00 Hours

කබ්රාල් කෝටි 184 ගෙවලද? අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි


...

ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදල ගෙවා ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසීමක් සිදුකර තිබෙනවා.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ලිපියක් යොමු කරමින් මේ බව වීමසා ඇති බව සඳහන්.

අදාළ මුදල ගෙවා නොමැති නම් පනතේ විධි විධානවලට අනුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් කිරීමටත් සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි රහිතව නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මහතා නිදහස් කළ කොන්දේසි අනුව මෙම ගණුදෙනුවෙන් සිදුවූ රුපියල් 184කට අධික අලාභය මාස තුනක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවකට බැර කළ යුතු වනවා.

ශ්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිය දී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමේ ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න යන අයට විරුද්ධව එම නඩුව ගොනු කර තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk