2025-09-03 13:08 Hours

SVAT වෙනුවට VAT එයි


...

සරල කරන ලද එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (SVAT) වෙනුවට මේ දක්වා පැවැති එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (VAT) ලබන ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර මහතා පැවසුවේ අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත මෙම නව තීරණය ක්‍රියාත්මක කරන බවයි.

බදු වෙනස සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

ඇය පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමය මඟින් අන්තර්ජාතික වෙළෙඳාමේ නිරත අපනයනකරුවන්ට හිමි සහන කප්පාදු නොවන බවත් මෙතෙක් වවුචරයක් මඟින් බදු ගෙවන ලද ක්‍රමය වෙනුවට මුදලින් බදු ගෙවීම සිදුවන බවත්ය.

තවද කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉහළ අවදානම්, පහළ අවදානම් සහ මාධ්‍ය අවදානම් වශයෙන් බදු ගෙවන ව්‍යාපාරික ආයතන කාණ්ඩ කිරීමද මෙම නව ක්‍රමවේදය යටතේ සිදු කිරීමට නියමිතයි.

වැට් බදු ගොනු පවත්වාගෙන යන සෑම ව්‍යාපාරිකයකුම බදු වාර්තා නියමිත දිනට ලබාදීම, බදු මුදල් නියමිත වාරික ප්‍රමාණයෙන් ගෙවීම ඇතුළු අදාළ නිර්ණායක සපුරාලිය යුතු බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk