2026-03-13 13:43:00 Hours

ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු මත්තල හරහා ඉරානයට


...

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේ දී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ IRIS DENA නෞකාවේ සිට ජිවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුර අද (13) දින ඉරානය වෙත පිටත්කර යැවීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දේහය රැගත් විශේෂ ගුවන් යානයක් අද (13) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඉරානය බලා පිටත්ව යාමට සුදානම්ව ඇති බවයි.

මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මියගිය නාවිකයන්ගේ සිරුරු පිටත් කර යැවීම සිදුකර තිබුණා.

පසුගිය මාර්තු මස 4 වනදා ගාල්ල වරයාට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක් වුණා.

එහි නාවිකයන් 180ක පමණ පිරිසක් සිට ඇති බව හෙළි වුණා.

පසුව ඉන් මුදාගත් 35 දෙනෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ඉන් දිනකට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk