2026-05-16 07:03 Hours

මේක මහා අපලයක් - අදත් කෝච්චියක් වනවාසලදී පෙරළෙයි


...

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් අද (16) උදෑසන පීලි ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන 5.20 ට වනවාසල හා කැළණිය අතර පීලි පැනීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් දුම්රියේ ගමන් ගත් එක් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk