2026-01-26 08:10 Hours
එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක් කිරීමට අදාළ තවත් තීරණාත්මක සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක, උප නායක අකිල විරාජ් කාරියවසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් මේ සඳහා එක්ව තිබෙනවා.
සමඟි ජන බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ නායකත්වයට අමතරව සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් ෆොන්සේකා යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වී ඇති බව වාර්තා වනවා.
ලබන 28 වනදා එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රිමාන්ඩ් භාරයට පත්වූ නඩුව නැවත විභාග වන බැවින් එදිනට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් එම අවස්ථාවට එක් කිරීමට ද සමඟි ජන බලවේගය මෙහිදී එකඟත්වය පළකර ඇති බවද වාර්තා වනවා.
ඊට අමතරව ඉදිරි මැතිවරණවලදී එජාපය සහ සජබ ඇතුළු විපක්ෂයේ පක්ෂ එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී දීර්ඝ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk