2026-03-07 11:13:00 Hours
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයවන මෙන් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
එහිදී අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත්තේ යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසයි.
අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව වාර්තා කරනවා.
මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවද අමෙරිකාව මෙහිදී ඉල්ලා ඇති බව සඳහන්.
පසුගිය 04 වනදා ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමනු ලැබුවා.
ඉන් නාවිකයන් විශාල පිරිසක් මියගියා.
ඉන්පසු අනතුරට පත්වූ නාවිකයන් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබුවා.
ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk