2026-05-13 15:04:00 Hours

පළමු ආපදා මරණය මඩකලපුවෙන් වාර්තා වෙයි


...

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් ආපදා මරණක වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (13) පස්වරු 10ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එම ආපදා මරණය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බවයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

මේ අනුව පවුල් 62කට අයත් පුද්ගලයින් 203 දෙනෙක් මේ වන විට බලපෑමට ලක්ව ඇති බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 62කට අයත් පුද්ගලයින් 203 දෙනෙක් මේ වන විට බලපෑමට ලක්ව ඇති බවයි.

සුරක්ෂිත මධ්‍යස්ථාන පුද්ගලයින් 17 දෙනෙකු රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.

නිවාස 39ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද වාර්තා වනවා.

මේ අතර වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උල් කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නාය යෑම සිදුව ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk