2026-06-07 17:16:00 Hours
බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය විසින් තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළකළේ කොළඹ අද (07) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්.
මේ වන විටත් බස් රථ 25%කින් පමණ ස්වයං ධාවනයෙන් ඉවත්ව ඇති බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සමඟ ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට යහපත් ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අනුව හෙට (08) සිට බස් රථ ධාවනය සීමා කරන බවත් එය ප්රතිශතයක් ලෙස 50%ක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
"බස් රථ ගමනාගමනය මේ සතියේ සිට සීමා කරන්න අපි තීරණයක් ගත්තා. මාසයක් ඇතුළත කාලයක් බස් රථ ධාවනය කරගන්න යම් සහනයක් ලබාදීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවවත්, අමාත්යවරයාවත් යහපත් ප්රතිචාරයක් ලබාදී නැහැ.
වාර්ෂික ගාස්තු ප්රතිපත්තිය අනිවාර්යයෙන්ම ජූලි මාසයේ මුල් සතියේ දින කිහිපය තුළ ක්රියාත්මක කරන්න ඕනේ. අපිට වාර්ෂික ගාස්තුවත් ක්රියාත්මක කරන්න නෛතික හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ගිය සිකුරාදා සාකච්ඡා කළා. මේ මාසයේ අගදී අනිවාර්යයෙන්ම ඩීසල් මිල වැඩිවෙනවා.
මේ ගැනත් සලකා බලලා තමයි අපි මේ පාරත් ගාස්තු සංශෝධනය කරන්න කටයුතු කරන්නේ. මෙවර වාර්ෂික ගාස්තු ප්රතිපත්තිය ජනතාවට දරාගන්න බැරි වෙයි.
මොකද හේතුව සියලු පිරිවැයන් වැඩිවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සියයට 20කින් 25කින් ඉහළ යන්න පුළුවන්. එවැනි පාඩුවක් තියාගෙන අපිට මේක කරන්න බැහැ. ඒ නිසා තමයි ඉල්ලීමක් කළේ, ඩීසල්වලට යම් සහනයක් දෙන්න කියලා නීතිය අනුව. නමුත් ඒක ක්රියාත්මක කරන්නේ නැහැ.
ඒ නිසා අපි තීන්දු කළා, දැනටමත් සියයට 25ක් විතර බස් ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා ස්වයංව. අපි මේ සතියේ අපේ වෘත්තීය ක්රියාමාර්ගය තීව්ර කරන්න තීරණය කළා.
ඒ අනුව මේ සුමානයේ බස් රථ ධාවන කාලසටහන් යම් ආකාරයකට වෙනස් කරලා, බස් රථ ධාවනය සීමා කරන්න. අත්යවශ්ය ධාවන වාර සංඛ්යාව පමණක් උදෑසන, දහවල් පාසල් ඇරෙන වෙලාව, හවස කාර්යාල ඇරෙන වෙලාවට ගමන් වාර හතරක් ධාවනය වෙන වෙලාවට තුනක් ධාවනය කරන්න කටයුතු කරනවා.
මොකද අපිට පාඩු සහිතව බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මෙහිදී ගමන් වාර අඩු කිරීමේ සීමාවත් එක්ක ධාවනය වන ප්රතිශතය සියයට 50 දක්වා අඩු වෙනවා. මෙහි වගකීම අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගත යුතුයි."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk