2026-07-14 16:17:00 Hours

එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2500ක් මිලදී ගන්නවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක


...

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (13) දිනයේ දී ආරම්භ කිරීම සමඟ ඊයේ දිනයේ දී පමණක් රුපියල් මිලියන 3ක වටිනාකමක් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙට්‍රික් ටොන් 25ක වී මිලදී ගැනීම් ඊයේ දින සිදුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

අමාත්‍යවරයා කියා සිටියේ රජය බලාපොරොත්තු සමස්ථ වී මෙට්‍රික් ටොන් 39500ක් මිලදී ගැනීම බවත් ඒ අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2500ක් මිලදී ගැනීමට බවත්ය.

"ඊයේ තමයි මේක ආරම්භ කළේ ක්‍රමානුකූලව වී ගබඩා 148ක වී මිලදී ගැනීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39,500ක් වී මිලදී ගන්න. ඊයේ දිනයේදී මෙට්‍රික් ටොන් 25ක් ලැබිලා තිබුණා. රුපියල් මිලියන 3ක පමණ වී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබුණා.

දැන් 2,500 මදිද වැඩිද අඩුද කියන එක මිලදී ගැනීමේ ක්‍රියාවලිය යනකොට තමයි තීන්දු කරන්න වෙන්නේ දැනට එක් ගොවියෙකුගෙන් 2,500 තමයි එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නේ.

මේ ගබඩාවල ඉඩපහසුකම් නොමැති වුණොත් රජය මැදිහත්වෙලා පුද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව අරගෙන ගබඩා කිරීම් කටයුතු කරනවා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk