2026-07-14 12:20:00 Hours

ඩෙංගු රෝගීන් ගණන 70000 සීමාවට ලංවෙයි


...

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 70000 සීමාවට ලංවී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඊයේ (13) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 69,951ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව ඊයේ (13) දිනයට පමණක් රෝගීන් 1279ක් වාර්තා වී ඇති බව සඳහන්.

මින් වැඩිම රෝගීන් ගණනක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

එම රෝගීන් ගණන 36795කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14464ක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 14004ක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ගත වූ දින 13 තුළ රෝගීන් 14572ක් වාර්තා වී ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk