2026-05-04 20:07:00 Hours

වැලිකඩ දීත් රැඳවියෙක් මැරිලා


...

වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර ගතව සිටි රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ පොර බැඳීමකින් පසු රෝගී වී මියගොස් ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පුද්ගලයෙකි.

මැගසින් බන්ධනාගාරය තුළදී පසුගිය 27 වනදා පහර දීමකින් රැඳවියකු මිය ගොස් තිබුණා.

ඒ සම්බන්ධව ජේලර්වරයෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටිනවා.

මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරගතව සිටි රැඳවියා ඊයේ (03) සවස තවත් පිරිසක් සමඟ බන්ධනාගාර අභ්‍යන්තරයේ එළිමහන් ක්‍රීඩාංගණය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා පිටතට ගෙන සිටියදී පලා ගොස් තිබුණා.

පසුව අදාළ රැඳවියා මහත් පරිශ්‍රමයක් දරා පොරබදා බොරැල්ල ප්‍රදේශයේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඇති වූ සිද්ධියකදී මඳ වේලාවකට පසු ඔහු දැඩි ලෙස රෝගාතුර වී ඇති බව සඳහන්.

අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk