2026-05-01 13:22 Hours
ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මේ අනුව ආණ්ඩුවේ ප්‍රධාන මැයි රැලිය නුවරඑළියේ දී පැවැත්වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වෙනු ඇති.
මීට අමතරව ජාතික ජන බලවේග දිස්ත්‍රික්ක 21ක මැයි දින සැමරුම් 21ක් අද (01) පවත්වනු ලබනවා.
''ජන රජයට ජන බලයක්'' යන තේමාවෙන් මෙවර ඔවුන් ජනරැලි පැවැත්වෙනවා.
මේ අතර, සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පවත්වනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර සිය මැයි දින රැලිය පවත්වන්නේ කොළඹ හයිඩ් පිටියේදීයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk