2026-04-27 10:24:00 Hours
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරවාරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව තෙවන චාල්ස් රජු නිරන්තරයෙන් දැනුවත් කරන බව බකිංහැම් මාලිගය පවසනවා.
චාල්ස් රජු ලබන සඳුදා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණා.
සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීම අදාළ සංචාරයේ මෙහෙයුම් සැලසුම්වලට කෙසේ බලපානවාද යන්න සම්බන්ධව දෙරටේ නිලධාරීන් අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සඳහන්.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ඇතුළු පිරිස උත්සව ශාලාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු වෙඩි තැබීමත් සමඟ ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කෙරුණා.
අදාළ අවස්ථාවේ දී රහස් පරීක්ෂක සේවා නිලධාරියෙකුට වෙඩි වැදුණු නමුත් උණ්ඩ නොවදින ඇඳුම් හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී තිබෙනවා.
චාල්ස් රජුගේ සිව්දින රාජ්‍ය සංචාරයේ ආරක්ෂාව සම්බන්ධ පූර්ණ විශ්වාසයක් පවතින බව අමෙරිකානු වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු 31 හැවිරිදි කෝල් ටොමස් ඇලන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඔහුට එරෙහිව ඉදිරි දිනක අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.
2007 වසරේ දෙවන එලිසබෙත් රැජිනගේ සංචාරයෙන් අනතුරු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වනවා.
ඒ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා.
රජුගේ මෙම සංචාරයේ දී මහජනතාව හමුවීමට කැමැත්තක් දක්වන බැවින් එම කටයුතු ආරක්ෂක හේතුන් මත සීමා කිරීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බව සඳහන් වනවා.
ඉරාන යුද්ධය සම්බන්ධව දෙරට අතර යම් මතභේදාත්මක තත්ත්වයක් පැවතිය ද මෙම සංචාරයෙන් බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව අතර සබඳතා යථා තත්ත්වයට පත්වනු ඇති බවට ට්‍රම්ප් විශ්වාසය පළකර තිබෙනවා.
චාල්ස් රජුගේ සංචාරය අතර වාරයේ දී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට, නිව්යෝර්ක්හි 9/11 ස්මාරකය නැරඹීමට සහ වර්ජිනියාවේ පිහිටි රණවිරු ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk