2026-04-27 11:38:00 Hours

ශම්මි බදාදා යනවාලු ....?


...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රජයේ ඉහළ මට්ටමේ පැවැත්වෙන සාකච්ඡා සහ පවතින දැඩි පීඩනය හමුවේ ලබන බදාදා ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ශම්මි සිල්වා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය සිකුරාදා විශේෂ සාකච්ඡාකින් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එම සාකච්ඡාව සුහදශීලි පැවැති බවත් ඉන් පසුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඔහු මෙම තීරණය එළැඹි බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බොහෝ දුරට සභාපතිවරයා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සෙසු සාමාජිකයින් ද ඉල්ලා අස්වීමට නියමිත බවයි.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව නව මැතිවරණයක් පවත්වන තුරු ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් හෝ බලයත් නිසි බලධාරියෙක් පත් කිරීමට වැඩි ඉඩක් ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk