2026-04-25 21:22:00 Hours

භාණ්ඩාගාරයේ ලේකම්ට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම්


...

විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම සම්බන්ධව හෙළි කළ ‘නිදහස් නීතිඥයෝ’ නම් සංවිධානය, මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටිනවා.

එම සංවිධානයේ ප්‍රධානී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසන්නේ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සුරියප්පෙරුම ණය ආපසු ගෙවීම සඳහා අවසාන අනුමැතිය ලබාදෙන බැවින් ඔහුද මේ සඳහා වගකිව යුතු එක් පාර්ශවයක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

“වැඩිදුර තොරතුරු සොයා ගැනීමට අපි යම් කාලයක් බලා සිටිනවා, ඉන්පසු ඊළඟ පියවර සමඟ ඉදිරියට යනවා. අපට ලැබී ඇති තොරතුරු අනුව එය විදේශීය බැංකුවකට ගිහින්.

කෙසේවෙතත්, සොරකම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අපි තවමත් සොයාගෙන නැහැ".



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk