2026-05-05 15:20 Hours
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2ක් අල්ලසක් ලබාගත් බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
මේ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.
මෙම නඩුකරය පසුගිය 28 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.
එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළකළා.
කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk