2026-05-04 17:44:00 Hours
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් පසුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹ තිබෙනවා.
ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා මෙම ගිවිසුම් එළැඹුණු බවයි.
එම අවබෝධතා ගිවිසුම් නම්,
01. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් (Iruthisham Adam) මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
02.ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ලේඛනාගාරය අතර ලේඛනාගාර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් (Iruthisham Adam) මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
03.මාලදිවයින් ජනරජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගුරුවරුන් සහ පාසල් නායකයින් පුහුණු කිරීම සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ අවබෝධතා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam) මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
04. මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam) මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
05.ආරක්ෂක අංශ සහයෝගීතාව සඳහා මාලදිවයින් ජනරජයේ ජාතික ත්‍රස්තවාදී මර්දන මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood lmad) මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා විසින් හුවමාරු කර ගනු ලැබීය.
06.මාලදිවයින් ජනරජයේ ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood Imad) මහතා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
07.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය, පවුල් සහ සුබසාධන අමාත්‍යාංශය අතර අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood lmad) මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ පැවැත්වුණා.
එම උත්සවයෙන් පසුව රාජ්‍ය නායක හමුවෙන් පසුව පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ තම ආරාධනය පිළිගෙන දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බවයි.
තවද දිට්වා ආපදා සාමය තුළදී මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධව සහ එම අපහසු කාලසීමාව තුළ දැක්වූ සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මාලදිවයින රජය සිය ස්තූතිය පළ කරනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk