2026-05-05 11:32:00 Hours

වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිද්ධිය - බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට


...

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ බොරැල්ල පොලීසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලා ගොස් තිබුණා.

එහිදී එම රැඳෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් නැවත සිය භාරයට ගෙන තිබූ බව සඳහන්.

අනතුරුව රැඳෙවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණා.

කෙසේ වෙතත් අදාළ රැඳෙවියා ඥාතීන් චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවයි.

මේ අනුව සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk