2026-06-22 14:51 Hours
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) නිලවරණ පැවැත්වීමට හෝ ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන් බව සඳහන් කරමින් ඩේලි මිරර් පුවත්පතේ පළ වූ වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව රජය ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICC සභාපති Jay Shah මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුව සම්බන්ධයෙන් පළ වූ එම පුවත විකෘති කර ඉදිරිපත් කර ඇති බවයි.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ තරුණ ක්‍රීඩකයින් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බවද නිවේදනයේ සඳහන්.
ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයාගේ නිල ප්‍රකාශවල කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කිරීමක්, තර්ජනයක් හෝ SLC නිලවරණ සම්බන්ධ අවසන් නිවේදනයක් පිළිබඳ සඳහනක් නොමැති බවද රජය අවධාරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ පුවත මුද්‍රිත හා අන්තර්ජාල සංස්කරණවලින් ඉවත් කරගෙන, නිවැරදි කිරීමේ නිවේදනයක් පළ කරන ලෙස රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk