2026-06-22 12:59:00 Hours
ගත වූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1069 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් ගණන 45037ක් බවත් සිදුව ඇති සමස්ථ මරණ ගණන 28ක් බවත්ය.
සාමාන්‍යයෙන් වසංගත තත්ත්වයක් නොමැති කාලයක මෙරටින් දෛනිකව රෝගීන් 150ත් 200ත් අතර ගණනක් වාර්තා වන අතර එය වර්ථමානයේ දී අවදානම් තත්ත්වයක සමඟ මෑතකදී දෛනිකව වාර්තා වූ රෝගීන් ගණන 600ත් 500ත් දක්වා ඉහළ ගියත් බවද ඔහු පෙන්වා දෙනවා.
ඒ මහතා සඳහන් කරන්නේ රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් ඇති පසුබිමක මෙම තත්ත්වය කඩිනමින් පාලනය කරගත යුතු බවයි.
''ඇත්තටම රෝගීන් වාර්තා වීම සාමාන්‍ය කාලය තුළදී එනම් අවදානමක් නැති අවස්ථාවකදී සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ 150ක්, 200ක් අතර ප්‍රමාණයක්. නමුත් දැන් මේ, මේ අවදානම් තත්ත්වය ආවට පස්සේ සාමාන්‍යයෙන් 600ක්, 650ක් පමණ දෛනිකව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් දැන් ඊයේ බැලුවහම ඒක සාමාන්‍යයෙන් 1000 ඉක්මවලා තියෙනවා. මේ රෝගීන් වාර්තා වීම තාම වැඩිවෙමින් පවතිනවා. ඉතින් මේක අපි අඩුකරගත යුතු වෙනවා. මේක අවසානයේදී බලපාන්නේ අපේ රෝහල් පද්ධතියට. එතකොට මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක රෝහලක තියෙන ධාරිතාව ඉක්මවා ගිහින් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් රෝහල් පද්ධතියේ කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව එහි ඉන්න කාර්ය මණ්ඩලය ලොකු මානසික හා ශාරීරික පීඩාවට පත් වෙනවා රෝගීන් රැක බලා ගැනීමේදී.. ඒ නිසා ඒ තුළ අපිට යම් යම් අවස්ථාවලදී මරණ සංඛ්‍යාවත් වැඩිවෙන්න පුළුවන්. අනිත් එක තමයි ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා ජනතාවත් රෝහල් කරා පැමිණෙනවා. ඉතින් ඒ අයටත් මේක ලොකු අසාධාරණයක්.''
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk