2026-06-22 09:57:00 Hours

2026 වසරේ ගත වූ මාස 5ට සංචාරක ආදායම පහළට


...

මෙම වසරේ පළමු මාස 5 තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂ අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඔවුන්ගේ වාර්තාවලට අනුව 2026 ජනවාරි මස සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1360කි.

එය 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1543.1ක් ලෙස සටහන්ව තිබුණා.

මේ අනුව මෙම වසරේ එම කාල සීමාවේදී සංචාරක ආදායම 11.9%කින් පහළ ගොස් තිබෙනවා.

තවද මෙම වසරේ මැයි මසදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක් වූ අතර 2025 වසරේ මැයි මසදී එය ඩොලර් මිලියන 164.1ක් ලෙස වාර්තා වුණා.

මේ අතර 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3909.7ක් ලැබී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ එය පසුගිය වසරේ එම කාලය තුළ විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 3,102.2ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ විදේශ ප්‍රේෂණවල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk