2026-06-19 07:48:00 Hours
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර පමණක් ක්‍රියාත්මක වූ දුම්රිය ධාවනය හෙට (20) සිට නානුඔය දක්වා ද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සීමා වුණා.
134 වැනි සැතපුම් කණුව අසළ අඩි 120ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම නාය යාම හේතුවෙන් නානුඔය සහ අඹේවල අතර දුම්රිය ධාවනය ඇනහිටියා.
මේ වන විට එම කොටස සම්පුර්ණයෙන්ම පිළිසකර කර ඇති අතර හෙට (20) සිට නානුඔය සහ බදුල්ල අතර දිනකට දුම්රිය වාර 4ක් ක්‍රියාත්මක වනු ඇති.
ධාවනය වන සෑම දුම්රියක්ම ආසන වෙන් කිරීමේ පහසුකම සහිත පළමු පන්තියේ සහ දෙවන පන්තියේ මැදිරිවලින් සමන්විත වනවා.
මෙලෙස අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට හෝ එය ගමනාන්තය ලෙස තෝරාගෙන දැනටමත් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට, එම ප්‍රවේශ පත්‍ර භාවිත කරමින් නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන ආරම්භ කිරීමට හෝ නානුඔය ගමනාන්තය ලෙස භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
මේ අතර, සුළි කුණාටුව හේතුවෙන් හානි සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ අනෙකුත් කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට වේගයෙන් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk