2026-06-22 16:11:00 Hours

රූ රැජින ගැටුම මතකද ? අධිකරණ තීන්දුව ඔක්තොම්බර් 17


...

2021 වසරේ දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බවට පැවසෙන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම නඩුව අද (22) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වන කැරලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් චෝදනා ලබා සිටිනවා.

2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජින අවසන් මහා තරඟයේ දී පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳි අවස්ථාවේදී සැකකාරියන් දෙදෙනා වේදිකාවට ගොස් ඇයට පහරදී බලහත්කාරයෙන් කිරුළ ගලවා දැමු බවට චෝදනා එල්ල වී තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි කැඳවීම සහ විභාග කිරීම පෙර නඩු දිනයන් හිදී සම්පුර්ණයෙන්ම අවසන් කර ඇත.

ඒ අනුව නඩුවේ අවසන් තීන්දුව මීළඟ නඩු දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk