2026-06-20 08:17:00 Hours

රුමේෂ් තරංගට තවත් ඩයමන්ඩ් ලීග් ජයක්


...

කටාර්හි දෝහා නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විශිෂ්ට ජයක් වාර්තා කර තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ මෙම තරගයේදී රුමේෂ් මීටර් 88.68ක දුරක් හෙල්ල විසි කරමින් ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් අභිබවා පළමු ස්ථානය හිමිකර ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඩයමන්ඩ් ලීග් තරගාවලියක අදියරක් දෙවන වරටත් ජය ගැනීමට ඔහු සමත් වූ අතර, එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

තරගයේ අවධානය දිනාගත් කරුණක් වූයේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී, හිටපු ලෝක ශූර සහ ඉන්දීය මලල ක්‍රීඩා තරුවක් වන Neeraj Chopra නැවතත් රුමේෂ් හමුවේ පරාජයට පත්වීමයි.

මෙවර තරගයේදී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ චොප්රා මීටර් 85.69ක දුරක් සටහන් කරමින් සිව්වැනි ස්ථානයට පත්විය. රුමේෂ්ගේ මෙම දස්කම ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක් එක් කළ ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk