2026-06-23 14:49:00 Hours

National Single Window ක්‍රමවේදය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්


...

ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා හඳුන්වා දීමට නියමිත National Single Window ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාල සීමාවන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ආනයන, අපනයන සහ අනෙකුත් වෙළෙඳ කටයුතු සම්බන්ධ ප්‍රමාදයන් අවම කරමින් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික වෙළෙඳ ඒකීය කවුළුව (National Single Window for Trade) මෙම වසරේ ජූලි මාසය අවසන් වීමට පෙර ජනතා භාවිතයට එක් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

එමෙන්ම, දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමත්, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුමැතීන් කඩිනමින් ලබාදීමත් අරමුණු කරගත් ජාතික ආයෝජන ඒකීය කවුළුව (National Single Window for Investment) මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk