2026-06-03 19:54:00 Hours
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත අසත්‍යක් බව එම පාලන අධිකාරිය පවසනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ පළවන සටහන අසත්‍යය පුවතක් බවයි.
මෙම සේවාව අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක කරන බවද ඔව්න් මෙහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්තොනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අද (03) රාත්‍රී 08.00 සිට සුව සැරිය ගිලන් රථ සේවාවේ සියලුම නිලධාරීන්, එම සේවයෙන් බැහැර වන බවට සමාජ මාධ්‍යයන්හි නිල නොලත් අයුරින් පුවත් පළ වුණා.
අදාළ පුවත් සටහන් හි සඳහන් වුණේ අද (03) රාත්‍රි 08.00 සිට එම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර සුව සැරිය ගිලන් රථ සේවාවේ නිලධාරීන් පිරිසක් හෙට (04) දිනයේ දී කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk