2026-06-15 07:05:00 Hours

දින 111ක යුද්ධයකින් පසු ඉරානය සහ අමෙරිකාව සාම ගිවිසුමකට එළැඹෙයි


...

ඉරාන අමෙරිකා සාම ගිවිසුම ලබන ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසනවා.

ඉරානය එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්මාලාබාද් එකඟතාව ලෙසයි.

සිකුරාදා ගිවිසුම අත්සන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබෙනවා.

ඔහු පවසන්නේ ඒ සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවයි.

ඉරානය, අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර මෑතකාලීන යුද ගැටුම ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුවයි.

එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ඉරාන උත්තරීතර නායකයාගේ අවසන් කටයුතු ජූලි 4 වැනිදා ආරම්භ වන අතර, භූමදාන කටයුතු ජූලි 9 වැනිදා සිදු කිරීමට නියමිතයි.

මේ අතර, ඉරාන අමෙරිකා සාම ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇත්තේ යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට දින 111කට පසුව වීම විශේෂත්වයක්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk