2026-06-17 17:03:00 Hours

යෝෂිතට ඇප


...

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළා.

මෙහිදී විනිසුරුවරයා සිය නියෝගය නිකුත් කරමින් පැවසුවේ ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරින බවයි.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවද විනිසුරුවරයා සිය නියෝගයේ දී සඳහන් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම තුළ දැනුම් දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද (17) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk