2026-06-16 14:11 Hours

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා - ගෝඨා අභියාචනාධිකරණයෙන් ඉල්ලයි


...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk