2026-06-25 18:48:00 Hours
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමඟි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාට විනය පරීක්ෂණයක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින්.
"අනිවාර්යෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk