2026-05-03 10:08:00 Hours
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22 දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම චීවරධාරීන් ඊයේ (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්.
මෙම චීවරධාරීන් පසුගිය අප්‍රේල් 25 වනදා මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපොළේ දී 'කුෂ්' සහ 'හෑෂ්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් පිරිසෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.
මේ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එම චීවරධාරියා අද (03) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
එම චීවරධාරියාගේ මෙහෙයවීමෙන් මින් පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවද මේ වන විට හෙළිව තිබෙනවා.
මේ අනුව ඊට ආධාර අනුබල දුන් අයෙක් පොලීසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් දින 7ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් පසුව මෙලෙස ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk