2026-05-02 10:31:00 Hours
වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සල් ලියාපදිංචිය ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි. දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk