2026-04-26 08:56 Hours
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් ඇසීම හේතුවෙන් එහි කැළඹීමක් හටගෙන තිබෙනවා.
සිද්ධියෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය පවසන්නේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වෙමින් තිබූ මෙම වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවයි.
සිද්ධිය සිදුවී මොහොතක් ගතවීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාමට එරට ආරක්ෂක අංශවලට හැකිව තිබුණා.
සිද්ධිය සම්බන්ධව එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද තොරතුරු වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk