2026-05-02 17:28 Hours

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද


...

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (2) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශය සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණය විසින් සිදුකරනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසා ගැනීමක් බව හෙළිව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනාගෙන් සමන්විත කමිටුව තහවුරු කර ඇත.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා පසුගිය 30 වනදා ගෙවත්තේ දී සැක කටයුතු ලෙස මියගොස් තිබුණා.

පොලීසිය පැවසුවේ ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ඇති බවත් මේ අනුව මෙය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළිබඳව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත්ය.

සැක කටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

සිද්ධිය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (01) දිනයේ සිදු කෙරුණා.

ඊට අමතරව පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (01) පස්වරුවේ සිදු කෙරුණා.

මේ අනුව මෙම මරණය ඔහු විසින් සිදුකරගත් තුවාල මත සිදුවූ දිවි නසා ගැනීමක් බව මරණයට හේතු විමසීම සඳහා පත්කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk