2026-04-27 09:13:00 Hours

ජපානය සෙලවෙයි


...

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ එය එරට වේලාවෙන් උදෑසන 5.24ට සිදුව ඇති බවයි.

එය රික්ටර් මාපක 6.1ක අගයක් ගෙන ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් අදාළ භූකම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් නිකුත් කර නැහැ.

ප්‍රබල කම්පන ඇති වූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් හා නාය යෑම් අවදානම වැඩිව ඇති බවද එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.

පසුගිය අප්‍රේල් 20 වනදා ජපානයේ උතුරු ඉවාට් ප්‍රාන්තයට ඔබ්බෙන් රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන තත්ත්වයක් ඇති වුණා.

එම භූකම්පන තත්ත්වයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk