2026-04-22 09:53:00 Hours
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
කලින් ප්‍රකාශයට පත්කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් මෙම ප්‍රකාශයට පත් කෙරුණා.
දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවැති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි මුලික අරමුණ වනවා.
සටන් විරාමය අවසන් වීමෙන් අනතුරුව ප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් මීට දින කිහිපයකට ඉහතදී සඳහන් කර තිබුණා.
පසුව එම අදහසින් බැහැර වූ අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන ලෙස පාකිස්ථානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බවයි.
"ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට" තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk